[...] Translators just didn't get recognition, they didn't expect to make much of a living, just get by. Very few people were actually trained as translators, but most had a solid college education and a solid knowledge of languages, at least their own language. I had a friend who fell exactly into that category and my circle of friends expanded to include other translators. I found them to be much more interesting as people, and discovered that we often had similar life experiences. I never had trouble making friends, but I always felt "different" and I'm sure they felt it too. When my friend retired, she recommended me as her replacement. I now entered the realm of Reinsurance, of which I knew nothing. I was also the only translator there, and didn't have much to fall back on. However, it was another notch up....
On my new job, I started looking through the files, asking questions and got the company to enroll me in Insurance courses. The College of Insurance was across the street, and I consulted fire codes, insurance policies and fire extinguisher catalogs in their library. I was learning what I had never had the luxury of being able to do before: research. The first time I had to translate a proposal for purposes of insurance of a nuclear plant, I got a call from the head man in that department, congratulating me on the job I had done. "Compares favorably with what we are used to," he said. What an upper! What happened was that I consulted a document in the files similar to the one I was tackling for guidance, but when I saw that my predecessor had used the word "nucleus" instead of "core", I realized that the files were useless to me. I went across the street to the library and looked up "nuclear plants." I immediately found all the terminology I needed.
It takes a great deal more than that to be a good translator these days, of course. [...] | [...] පරිවර්තකයින් සාධාරණ අන්දමින් හඳුනාගැනීමක් නොලබති, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා නොගනිති, තම කටයුතු කෙසේ හෝ කළමනාකරණය කරගනිති. ඇත්තෙන්ම, ඉතා සුළු පිරිසක් පමණක් පරිවර්තකයින් ලෙස පුහුණුව ලබා ඇති නමුදු, සෑම කෙනෙකුම පාහේ ඉතා ශක්තිමත් අධ්‍යාපනයක් ලැබ අවම වශයෙන් ඔවුන්ගේම භාෂාව පිළිබඳ ශක්තිමත් දැනීමක් සහිතව සිටිති. එම ප්‍රවර්ගයට නිවැරදිව ඇතුලත් කල හැකි මිතුරෙකු මා හටත් සිටි අතර, මාගේ මිතුරු කවය, වෙනත් පරිවර්තකයන් ද එයට ඇතුළත් කිරීම සඳහා වැඩි වර්ධනය විය. මනුෂ්‍යයන් ලෙස ඔවුන් වඩාත් සිත් බඳනා බව මට පෙනී ගිය අතර, අප හට බොහෝ විට එක සමාන ජීවිත අත්දැකීම් ඇති බවද සොයා ගතිමි. කිසිදිනක මා හට මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොතිබුන නමුත්, සැමවිටම අන් අයගෙන් "වෙනස්" බවක් මට දැනුණු අතර ඔවුන්ටද මා පිළිබඳව එලෙසම දැනුණු බව මට විශ්වාසක් ඇත. මාගේ මිතුරිය විශ්‍රාම යන විට, ඇයගේ ආදේශකයා ලෙස ඇය මා නිර්දේශ කර තිබිණි. මෙයට පෙර කිසිවක් පිලිබඳ නොදන සිටියාවූ ප්රතිරක්ෂණ ක්ෂේත්රයට මා දැන් ඇතුළු වී සිටිමි. එහි සිටින එකම පරිවර්තකයා ද මා වන අතර උපකාරය සඳහා යමෙකු මත රඳා පැවතීමේ අවශ්‍යතාවයද නොතිබිණි. කෙසේ වෙතත්, එය ජීවිතයේ තවත් සපුරා ගැනීමක් විය... මාගේ නව රැකියාවේදී, මම ලිපිගොනු පරික්ෂා කර බැලීමටත්, තොරතුරු දැනගැනීමට ප්‍රශ්න ඇසීමටත් පටන් ගත් අතර රක්ෂණ පාඨමාලා සඳහා මාගේ නම ලියාපදිංචි කරන ලෙසත් සමාගමට පැවසීමි. රක්ෂණ විදුහල වීදිය හරහා අනිත් පසින් වූ අතර, මම ඔවුන්ගේ පුස්තකාලයේදී ගිනිගැනීම් වැළැක්වීම සහ ගිනි ඇතිවීමේදී ආරක්ෂාව සඳහා ස්ථාපිත කර බලාත්මක කරන ලද ප්රමිතීන් සහ කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවන නාමාවලි පරික්ෂා කොට කරුණු දැනගත්තෙමි. මම, මීට පෙර කිසිදා මට කළ නොහැකි වූ සුඛෝපභෝගී දේ ඉගෙන ගනිමින් සිටියෙමි: එනම් ගවේෂණය. න්‍යෂ්ටික බලාගාරයක රක්ෂණය සඳහා වූ යෝජනාවක් පරිවර්තනය කිරීමට මා හට පළමු වරට සිදු වූ විට, මා ඉටුකළ කාර්යයට සුබ පතමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් මට ඇමතුමක් ලැබුණි. "මෙතෙක් කල් අප හුරු පුරුදු වී සිටි දේ සමඟ සංසන්දනය කිරීමේදී සතුටුදායක බව පෙනේ," යනුවෙන් ඔහු පැවසීය. කෙතරම් උත්තේජකයක් ද! සිදුවූයේ, මා පොරබදිමින් සිටි ලිපිගොනු වලට සමාන ලේඛනයක් මාර්ගෝපදේශකත්වය සඳහා පරිශීලනය කරමින් සිටියදී, මාගේ පූර්වගාමියා "මධ්‍යය" වෙනුවට "න්‍යෂ්ටිය" යන වචනය භාවිතා කර ඇති බව දුටු විට, එම ගොනු මා හට නිෂ්ප්රයෝජන බව මට වැටහීමයි. මම වීදිය හරහා පුස්තකාලය වෙත ගොස් "න්‍යෂ්ටික බලාගාර" පිලිබඳ සොයා බැලුවෙමි. මට අවශ්‍ය සියලුම පාරිභාෂිතය මම වහාම සොයා ගත්තෙමි. ඇත්ත වශයෙන්ම, හොඳ පරිවර්තකයෙකු වීමට මේ දිනවල එයටත් වඩා බොහෝ දේ අවශ්‍ය වේ. [...] |